අධිකරණ ඇමති සහ ඉතාලි සෙනෙට් සභික Laura Bottici මහත්මිය අතර හමුවක්

Share

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ඉතාලි සෙනෙට් සභික Laura Bottici මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර ආර්ථික සාමාජික දේශපාලනික රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නීතියේ ආධිපතය්‍ය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති වැඩ පිළිවෙළ ඉතාලි සෙනෙට් මණ්ඩල සභික වරියගේ ඇගයිමට ලක් විය.

ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බවත් අවශ්‍ය සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා රජයට තම රටේ සහයෝගය ලබා දෙන බවත් ඇය සදහන් කළාය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇතුළු සියලු කටයුතු සදහා ඉතාලි රජය අතීතයේ සිටම සහයෝගය ලබාදුන් බවත් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

Read more

Local News