ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් ව‌ෙයි

Share

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් වී තිබේ. ඊයේ (21) දිනයෙන් එහි නිල කාලය අවසන් වූ බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ.

කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල කාලය අවසන් නොවන අතර මෑතකදී එම සභාවට පත් කෙරුණූ මහින්ද සමරසිංහ මහතාගේ ද නිළ කාලය අවසන් නොවන බව සඳහන්.

ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් සාමාජිකයින් වන තිලක් මාරපන මහතා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිළ කාලය පමණක් අවසන් වන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News