විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

Share

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ විවිධ වර්ගයේ පතුරොම් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පල්ලෙවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පල්ලෙවෙල පොලීසියට ලද තොරතුරක් මත බඳුරාගොඩ, බොකලගම සහ කල්එලිය යන ප්‍රදේශවල දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බඳුරාගොඩ, බොකලගම සහ කල්එලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News