කුඩා ළමයෙකු දියේ ගිලී අතුරුදහන් වෙයි

19

ගලහ ප්‍රදේශයේදී ගුරුගල් ඔයේ ගිලී කුඩා ළමයෙකු අතුරුදහන්ව තිබෙන බවට වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, ගුරුගල් ඔයේ දිය නාමින් සිටියදී මෙම ළමයා දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්ව ඇත්තේ දෙල්තොට, පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකි.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අතුරුදන්වූ ළමයා සෙවිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ගලහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.