පොදු දේපල සහ දූෂණ විරෝධී පනත් යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එදිනට ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම දැනුම් දුන්නේ.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ගොඩනැගිල්ලක් විනාශ කිරීමෙන් පසු, ඊට අදාළ නිල වන්දි මුදල වෙනස් කර, රුපියල් 8,850,000 ක වන්දියක් ලබා ගැනීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ බලපෑම් කළ බවයි. අල්ලස් කොමිසම වැඩිදුරටත් කියා සිටියේ, මෙම ක්‍රියාව පොදු දේපල පනත සහ දූෂණ විරෝධී පනත යටතේ වරදක් වන බවත්, විමර්ශන සඳහා බාධා විය හැකි නිසා ඔහුව තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසත්ය.
ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කියා සිටියේ, ඔහු ‘Sleep Apnea’ නම් රෝගයෙන් පෙළෙන බවත්, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රය නොමැතිව සිටීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වී ජීවිතය පවා අවදානමක පවතින බවත්ය. ඒ නිසා ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඉදිරිපත් කළ කරුණු ඇප ලබා දීමට තරම් විශේෂිත නොවන බවයි. කරුණු සලකා බැලීමෙන් පසු, අධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.