සොදුරු රුවැත්තියන් කිරුලු පලදවන Facia miss world සහ Facia miss universe අවසන් මහා තරඟය

Share

සොදුරු රුවැත්තියන් කිරුලු පලදවන තරඟ අතර ලොව ප්‍රමුඛතම තරඟ ද්විත්වය වන Facia miss world සහ Facia miss universe අවසන් මහා රාත්‍රිය ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්විණි.

Facia miss world තරඟයේ තෙවන ස්ථානය දිනා ගැනිමට නිලුෂි පවන්යා සමත් විය.

දෙවන ස්ථානය දිනාගනු ලැබූවේ පේෂමා විජේසුන්දර විසින්ය.

Facia miss world ශ්‍රි ලංකා 2018 තරඟයේ මෙවර කිරුළ හිමිකරගනු ලැබුවේ නාඩියා ජී විසින්ය.

මේ අතර Facia miss universe sri lanka 2018 අවසන් මහා තරඟයද ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

අයදුම්කාරිනියන් දහස් ගණනක් අතුරින් අවසන් මහා තරඟය සඳහා තරඟකාරිනියන් 11 දෙනෙකු වැදුණු අතර Facia miss universe sri lanka 2018 තරඟයේ තෙවන ස්ථානය නැටාලි ෆර්නැන්ඩෝ විසින් දිනාගනු ලැබිය.

දෙවන ස්ථානය දිනාගනු ලැබුවේ මැරියොන් වෙත්තසිංහයි.

Facia mis universe 2018 මෙවර කිරුල ඔනෙලා ගුණසේකර විසින් දිනාගත්තේය.

Read more

Local News