ගලබැද්ද ප්‍රදේශයේ දැව කැපූ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Share

මොණරාගල සියඹලාණ්ඩුව දොඹගවෙල ප්‍රදේශයේ දී තේක්ක සහ කොළොං දැව තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ.

සැකකරුවන් විසින් නීති විරෝධීව මෙම දැව කපා අලෙවි කිරීම සදහා සුදානම් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සියඹලාණ්ඩුව පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News