ගෑස් මිල අද සිට ඉහළට

Share

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෑස් සමාගම් කළ ඉල්ලීම අනුව මෙම මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කළ අතර, මිල තීරණය කිරීම ජීවන වියදම් කමිටුවට පැවරුණි.
ඒ අනුව ජීවන වියදම් කමිටුව පසුගියදා තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටයි.

Read more

Local News