තොරතුරු දැනගැනීමේ පනතට,රජය ගෙන ඇති සාධනීය පියවරට ජාත්‍යන්තර කීර්තියක් ලැබී තිබෙනවා – මනුෂ නානායක්කාර

Share

ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතට ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී තිබීමත් ඩිජිටල්කරණය සදහා රජය ගෙන ඇති සාධනීය මැහදිහත්වීම නිසාත් ජාත්‍යන්තර වශයෙන් ලංකාවට විශාල කීර්තියක් ලැබි තිබෙන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ගල්කිස්ස මහ හෝටලයේදී සැප්තැම්බර් 28 සහ 29 යන දින දෙකේදී පැවැත්වෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සදහා වන යුනෙස්කෝ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය පිළිබද එම අමාත්‍යාංශයේදී පසුගිය(26) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News