රාගමදී දුම්රියේ ගැටී ද‌ෙද‌ෙන‌ෙකු මරුට

Share

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ රාගම දුම්රිය හරස් මාර්ගයේ දී පුද්ගලයින් හතර දෙනෙක් ගැටීමෙන් අද (27) උදෑසන 08.10ට පමණ අනතුරක් සිදුව තිබේ.
අදාළ දුම්රිය හරස් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පැවසීය.
රෝහලට ඇතුලත් කිරීමේ දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.
අනෙක් තුවාලකරුවන් දෙදෙනා රාගම රෝහගේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
රාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Read more

Local News