ලෝක සංචාරක දිනය ව‌ෙනුව‌ෙන් දෙස් විදෙස් සංචාරකයන්ට විශේෂ අවස්ථාවක්

Share

ලෝක සංචාරක දිනය යෙදුණු අද 27 වන දින පෙරවරු 5.00 සිට සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදා විණි.

එය මෙදිනට පමණක් සීමා නොවී ඉදිරියට ද අලුයම පහට සීගිරි පව්වට නැග ඉරු දර්ශනය සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව උදාකර දීමට අවධානය යොමු කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරි පව්ව මත සිට ඉර පායන දර්ශනය නැරඹීම සඳහා මෙම අවස්ථාව උදාකර දී තිබිණි.

වෙනත් දිනවල සීගිරිය නැරඹීම සඳහා අවස්ථාව උදාවෙන්නේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා පමණ කාලය කාලය තෙක් පමණය.

Read more

Local News