කාදිනල් හිමිපාණන් දේශනා කළේ කිතුණු හර පද්ධතිය මතයි – ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා

Share

අාගමික නායකයෙකුගේ චරිතයට විවේචනයක් එල්ල කිරිම සම්බන්ධයෙන් ජාතික පුවත්පතක පලවු ප්‍රකාශයක් තරයේ හෙලාදකින බව දක්වමින් ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනය,

කාදිනල් හිමිපාණන් දේශනා කළේ කිතුණු හර පද්ධතිය මත පිහිටයි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජා අැල ඒකල දේවස්ථානයේ අාගමික දේශනයේ අඩංගු විවිධ කරුණු ඉස්මතු කර දක්වා තිබුනි. එයට ප්‍රතිචාරයක් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා “අගරදගුරු තුමන් ජනප්‍රිය විමට ගන්නා සෑම උත්සහයක්ම වරද්දා ගන්නවා” යැයි සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබු බව 2018 සැප්තැම්බර් මස 26 වන දින පුවත්පතක පලකර තිබුනි. මංගල සමරවිර අැමතිතුමාගේ මෙම ප්‍රකාශනය පුජකවරුන් ලෙස අපි තරයේ හෙළා දකිමු.

කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන ඒඩේරාණන් පමණක් නොව, ශ්‍රි ලංකාවේ දෙවන වරට කාදිනල් ධුරය දරන්නා ලෙස, අගරදගුරු හිමියන්ට අාගමික දේවමෙහෙයන් ඔස්සේ “ජනප්‍රියවිමට” කිසිම අවශ්‍යතාවයක් නැති බවද සඳහන් කරනු කැමැත්තෙමු. මානව හිමිකම් පිලිබඳවත්, කිතුණු හර පද්ධතියේ විකාශනය පිලිබඳවත් කිතුණු ප්‍රජාව දැනුවත් කිරිමෙහිලා ජා අැල ඒකල දේවස්ථනයේ පැවැත්වු දේශනයෙන් කොටසක් පමණක් ගෙන ජනමාධ්‍ය තුලින් හුවා දැක්විම කණගාටුවට කරුණකි. එවැනි ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් අාගමික නායකයෙකුගේ චරිතයට මෙවැනි විවේචනයක් එල්ල කිරිම යුක්ති සහගත නොවන බවද සඳහන් කරනු කැමැත්තෙමු.

ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා
අධ්‍යක්ෂ
අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය

Read more

Local News