තවදුරටත් ප්‍රද‌ේශ රැසකට සවස් කාලයේදී වැසි

Share

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

වැසි තත්ත්වය, විශේෂයෙන් උතරු-මැද , මධ්‍යම සහ ඌව පළාත්වල ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇත.

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක් පමණ තද වැසි දඇති විය හැක.

බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

Read more

Local News