විදේශ ආයෝජනය සහ අපනයනය වැඩි කරන සැලසුම් අප සීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරනවා – අගමැති

Share

යුද්ධයෙන් පසු විදේශ ආයෝජන ලබාගැනීම වෙනුවට විදේශ ණය විශාල ලෙස ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝක ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින බව බවත් විදේශ ආයෝජන ලබාගන්න,විදේශ අපනයනය වැඩි කරන්න කටයුතු කරන බවත් එම සැලසුම් අප සීග්‍රයෙන් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පුත්තලම,වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News