අලුත්ගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය 06 වනදා මහනුවරදී

Share

අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝම්බර් 06 වැනි සෙනසුරාදා සවස 2.00ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

1915 වසරේ නොවැම්බර් 22 වැනි දින උපත ලද උන් වහන්සේ අපවත් වන විට අවුරුදු 103 ක ආයු කාලයක් වළදා සිටිසේක.

ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ දේහය මල්වතු මහ විහාර තුම්පනේ විහාරයේ තැන්පත් කර තිබේ.

Read more

Local News