බඩ ඉරිගු බීජ වියදමෙන් 50%ක් රජයෙන් – කෘෂිකර්ම අමාත්‍යාංශය

Share

බඩඉරිඟු වගාකරන ගොවීන්ට බීජ මිලදී ගැනීමට වැයවන මුදලින් 50% ක් රජයෙන් ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ති‌බේ.

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව පුළුල් මට්ටමෙන් ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් දිරිගැන්වීමේ විශේෂ වැඩපිලිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත බඩඉරිඟු සදහා රුපියල් 43ක සහතික මිලක්ද ලබාදීමට තීරණ කර ති‌බේ. මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ.

Read more

Local News