දුලාංජලී මදුමාලී ශිෂ්‍යාවට ජනපතිගෙන් ත්‍යාග රැසක්

Share

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ එකම සිසුවිය බවට බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව පත්වූයේ පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168 ක් ලබා ගනිමිනි.

අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ගෙවීමට ද පොරොන්දු විය.

එමෙන්ම දුලාංජලී ශිෂ්‍යාව වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමට මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිතුමා වෙත පොරොන්දු විය. දුලාංජලී ශිෂ්‍යාවට වර්ෂයකට සරිලන පාසල්  පොත් සහ ත්‍යාග රැසක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

Read more

Local News