රටතුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ – ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්

Share

රටතුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
පොහොර සහනාධාරය කප්පාදු කර නොමති බවද පැවසූ අමාත්‍යවරයා,ආනයනය කරනු ලබන සියලු සහල් වස විසෙන් තොර ඒවා බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News