වසා දැමු හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ

Share

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් කාසල්රි ජලාශයට නායයෑමෙන් ඇණ හිට තිබු එම මාර්ගයේ රථ වාහන ගමනා ගමන ඊයේ (31) රාත්‍රියේ විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඉකුත් මස 13 වනිදා මාර්ගයේ මිටර් 45 ක කොටසක් මාර්ගය අසල පිහිටි නිවාස 5 ක් සමඟ කාසල්රි ජලාශයට නායයෑම හේතුවෙන් එම මර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරනු ලැබීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයක් මත මාර්ගය නායගිය ස්ථානයේම අලුතින් මාර්ගයක් කපා එක් මංතිරුවක් ඔස්සේ රථ වාහන ධාවනයට කොන්දේසි සහිතව අවසර ලබා දි ඇත.

බස් රථ වල ගමන් ගන්නා මගින්ව නායගිය ස්ථානයෙන් බස්සවා බස් රථය ධාවනය කිරිමටත්, ටොන් 8 වැඩි බර වාහන එම මාර්ගයේ ධාවනය තහනම් කර ඇති බවත්, සැහැල්ලු වාහනවලට එම තහනම බල නොපැවැත්වෙන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

බර වාහන විකල්ප මාර්ග ඔස්සේ තවදුරටත් ධානය කරවන ලෙස නොර්වුඩ් පොලිසිය ඉල්ලා සිටියි.

Read more

Local News