පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති රිමාන්ඩ් කෙරේ

Share

රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. එම්. මුත්තු විනයාගම් ඇතුළු සැකකරුවන් දෙදෙනා හෙට(02) දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ද එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරනය හමුවේ සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබීය.
විත්තියේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන හෙට දින ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පාර්ශවකරුවන්ට නියම කළේ.
අනතුරුව සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද අධිකරණය නියම කළේය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ ආපනශාලාව බදු දීම සඳහා රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එහි සභාපති වරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Read more

Local News