හෙට අනිද්දා හයිඩ් පාර්ක් ගමන් බිමන් සීමාවේ

Share

හයිඩ් පාර්ක් කෝනර් මාර්ගයේ හෙට (03) සහ අනිද්දා (04) දිනයන් තුල පැය කිහිපයක් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පැවසීය.

ඒ අනුව කොම්පඤ්ඤවීදියේ, හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 2 දරණ ස්ථානයේ ඉදිකරමින් පවතින ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ලද ක්‍රේන් යන්ත්‍රය ගලවා ඉවත් කිරීම සඳහා මෙලෙස මාර්ගය අවහිරවේ.

හෙට දින පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වාත්, අනිද්දා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මෙලෙස වාහන ගමනාගමනය සීමා කිරිමට නියම්තය.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස පාර්ක් වීදිය, හයිඩ් පාර්ක් කෝනර් හංදිය මාර්ගයේ නැවත යුනියන් පෙදෙස හයිඩ් පාර්ක් කෝනර් හංදිය දෙසට  ගමන් කළ හැකි බව පොලීසිය පැවසීය.

Read more

Local News