හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන්න UN මහලේකම් කියයි

Share

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අවධානය යොමුව තිබේ.

එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකතනය ඔස්සේ සම්බන්ධකරගෙන තිබේ.

මෙහිදී ඔහු පවසා ඇත්තේ පවතින ගැටලුකාරී ත්තත්වය විසඳා ගැනීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන ලෙසයි.

එසේම මානව හිමිකම් කොමිසමේ යෝජනා අනුව රජය විසින් කලින් මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම, සමගි සන්ධාන වීම, යුක්තිය වෙනුවෙන් කැප වන ලෙසත් ඔහු ජනපතිවරයාට සඳහන් කර තිබේ.

රජයේ අවධානය සාමය, ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට යොමු කරන ලෙසයි.

පාර්ලිමෙන්තු කටයුතු ඉක්මනින් ආරම්භ කිරීම සඳහා අවධානය යොමුකරන ලෙසත් පාර්ලිමේන්තුවේ ඡන්දයකට ඉඩ ලබාදෙන ලෙසත් මෙහිදී මහලේකම්වරයා ජනපතිවරයාට දැනුම් දී තිබේ.

Read more

Local News