ජන මහිමය ඇරඹෙයි

Share

නව ආණ්ඩුවට සහය පළ කරමින් සංවිධාන කරන ”ජන මහිමය” මහජන රැළිය පාර්ලිමේන්තු වටරවුම අසලදී මේ වන විට ආරම්භ වී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටියි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමඟ පිහිටුවනු ලැබූ නව ආණ්ඩුවට සහාය පළ කරමින් පැවැත්වෙන මෙම රැළිය නම් කර ඇත්තේ රටම රකින ජන මහිමය ලෙසයි.

මේ වන විට ජන රැළිය ආරම්භ වී ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් ඇතුලු බොහෝ පිරිසක් ඊට සහභාගී වී සිටියි.

Read more

Local News