ලංකාවේ ඡන්දදායකයන් ගැන මුරලිදරන් බීබීසියට කිව්ව දේ

Share

ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල ආහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

උතුරේ මෙන් ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් බීබීසි සිංහල සේවය සමඟ සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

“මිනිස්සු මට බනියි මේකට. ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු.” යනුවෙන්ද මුරලිදරන් කියා සිටියේය.

Read more

Local News