කථානායකට එරෙහිව පැමිණිල්ලක්

Share

අද (07) දින ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත ගොස් කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව පැමිණිල්ල ගොනු කර අැත.

මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ 1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසුරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිර දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවයි.

Read more

Local News