අැමෙරිකාවේ නීතිපති ධූරයෙන් පහ කෙරේ

Share

ඇමරිකාවේ නීතිපතිවරයා ධුරයෙන් පහකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මත ඇමරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙලෙස ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව සිදුකළ මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ඉටු නොකිරීම මොහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි.

ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපතිවරණයේ රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විවේචනය කළ සිය කාර්යමණ්ඩල ප්‍රධානී මැතිව් විටේකර්, තාවකාලිකව අැමෙරිකානු නීතිපති ධූරයට පත් කරන බවයි.

Read more

Local News