ලංගම ගාස්තු අද මධ්‍ය රෑ සිට පහළට

Share

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල අයකෙරෙන ගාස්තු සියයට දෙකකින් අඩුකර තිබේ.

පුද්ගලික බස්රථ ගාස්තු ද අද (08) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 2කින් අඩු කරන බව බස් සංගම් ඊයේ (07) දැනුම් දුන්නේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ ඊයේ (07) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගම් මෙම තීරණයට එළඹ තිබේ.

මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව එම සංගම් එහිදී කියා සිටියේය.

නව බස් ගාස්තුවද මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රුපියල් දොළහේ අවම ගාස්තුව, රුපියල් 15,20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වී නොමැත.

සංශෝධිත බස් ගාස්තු ලැයිස්තුව සඳහා මෙතනින් පිවිසෙන්න

Read more

Local News