ජනපති හමුවූ හකීම් රට ගියේ ඇයි ?

Share

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම අනුමත කළ නොහැකි බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

විදෙස් සංචාරයක නිරත වීම සඳහා ඊයේ(07) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ ඇති වී ඇති අර්බුදය යම් ආකාරයකින් විසඳිය යුතු බවයි.

දෙපාර්ශවය සමඟ ගැටළු විසඳා ගැනීමට යම් ප්‍රයත්නයක් ගත යුතුව තිබෙන බවත් ජනාධිපතිතුමන්ව මුණ ගැසුන බවත් රාජපක්ෂ පාර්ශවයේ  ප්‍රධානින් සමඟ සාකච්ඡා කළ බවත් එතුමා පැවැසීය.

ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොමැතිනම් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ ප්‍රකාශ කළේය.

මෙවැනි ආණ්ඩුවකට ඔවුන්ගේ සහයෝගය දීම සම්බන්ධයෙන් ඔවුන් හා එම පක්ෂයේ පාක්ෂිකයන්ගේ අනුමැතිය හා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීරණය එතරම් සුභදායි පැත්තක නැති බව වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News