ජනපතිට ආචාර්ය දේවනාසන් නේසයියාගේ විරෝධය

Share

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සමාජ සේවකයකු වන ආචාර්ය දේවනාසන් නෙස්සයියා මහතා වෙත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට තිරණය කර තිබේ.

මිට හේතුව වි අැත්තේ පසුගිය සති කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ 70 වසරක් පැරණි දේශපාලනය ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමයි.

ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගවලට විරෝධය දක්වමින් එම පදක්කම හා සහතික ආපසු ලබාදීමට ඒ මහතා තීරණය කර තිබේ.

එසේම මේ දිනවල තමන් විදේශගතව සිටින බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණි වහාම එම පදක්කම් හා සහතික නැවත ජනපති ලේකම් කාර්යාලයට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු ජනපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

2017 වසරේ මාර්තු මස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආචාර්ය දේවනාසන් නෙස්සයියා මහතාට  මෙම සම්මානය ලබාදී තිබේ.

Read more

Local News