කාණුවෙන් හමුවු මුදල් පසුම්බිය දරුවන්ට තෑගී දෙයි

37

කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දිම සඳහා හැටන් පොලිසියට ඊයේ(07) භාර දුන් බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම්.ජෙමිල් මහතා පැවසිය.

හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මොහාමඩ් නවුෂාඩ් හම්නා සහ එ.එස් පවිත්‍රා යන සිසුවියන් දෙදෙනා ඊයේ දින පාසල නිම වි නිවස කරා යමින් සිටියදි පාසල අසල කාණුවක වැටි තිබු මුදල් පසුම්බියක් අහුලාගෙන එය පරික්ෂා කිරිමේදි එය තුළ මුදලින් රු. නවදාහසක් සහ රු. පහලොස්දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් තිබෙන බවට තහවුරු විමෙන් පසු එම සිසුවියන් දෙදෙනා එම මුදල් පසුම්බිය හැටන් පොලිසියට භාර දි තිබේ.

හැටන් ප්‍රදේශයේ පදිංචි සුසාන්ති රෝහාන් මහත්මිය ඉකුත් මස 27 වෙනිදා පාසල නිම වු තම දියණිය රැගෙන යාමට පැමිණි අවස්තාවේ තමා සන්තකයේ තිබු මුදල් පසුම්බිය නැති වු බවට හැටන් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සමත් වි ඇත.

එම පාසලේ නියෝජ්‍යය විදුහල්පතිනිය සහ එම පාසල් සිසුවියන් දෙදෙනා අද (08) හැටන් පොලිසියට කැඳවා ඔවුන් ඉදිරියේදි මුදල් පසුම්බිය අයිතිකාරිනියට ලබාදිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කළේය.

පාසල් සිසුවියන් වශයෙන් තමන්ට අයිති නොවන මුදල් පසුම්බියක් අයිතිකරු සොයා භාර දිමට සිදුකළ උදාර ක්‍රියාවට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා එම සිසුවියන් දෙදෙනාට සිය ස්තුතිය පල කරමින් එම සිසුවියන් දෙදෙනාට තැගි පර්සල් ලබාදිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කටයුතු කළහ.