මානසික පීඩාවට සහනය සොයා තෙඹුවන සැරයන් පොලිස් කොමිසමට

Share

තම මානව හිමිකම් කඩ වූ බව පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව තෙඹුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තෙඹුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරි බව පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පසුගිය මස 3 වනදා සිය ගිනි අවිය රැගෙන තෙඹුවන නගරයේදී විරෝදතාවයක නිරතවිණි.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඔහු පාලනය කරගත්තේය.

එහිදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පසුව ඇප මත මුදාහැරුණු අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගැනිණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩතහනමට ලක්වූ තෙඹුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් යළි සේවයේ පිහිටුවන ලැබීය.

කෙසේ වෙතත්, එම සිද්ධියේදී තමන් මානසික පීඩාවට පත්වන අයුරින් සැලකීම පිළිබඳ ඊයේ දිනයේදී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Read more

Local News