SF ට එරෙහිව නාමල් පෙරමුණට

Share

පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් නමැත්තා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප‍්‍රකාශය පිළිබද පරීක්‍ෂණයක් සිදු කරන්නැයි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

මාකඳුරේ මදූෂ්ගෙන් තමන් ඝාතනය කරන බවට හඩ පටයක් ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවටයි හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා සඳහන් කර තිබුණේ.

මෙවන් ප‍්‍රකාශ සිදුකරන හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා තවදුරටත් ෆීල්ඞ් මාර්ෂල් ධුරයේ කටයුතු කිරීම සුදුසු නොවන බවයි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ප්‍රකාශ කළේ.

Read more

Local News