නුගේගොඩ – පාගොඩ දැඩි රථ වාහන තදබදයක්

Share

ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා තිබේ.

මේ නිසා ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

මේ අනුව පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී ප්‍රදේශවල මෙම රථ වාහන තදබදය පවතින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News