ජනපතිගේ තීරණ පිළිබඳ UN මහලේකම්ගේ අවධානය

Share

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක වන ෆර්හාන් හක් විසින් නිවේදනයක් නිකුත් කරන තිබේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැර, 2019 වර්ෂයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීම සඳහා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණය වෙත එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ අවධානය යොමුව ඇති බවයි ඉන් අවධාරණය කර ඇත්තේ.

‘ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් අනුගමනය කරමින් දේශීය ආයතන පද්ධතිය අනුව යමින් නීතියේ ආධිපත්‍යට හා නිසි ක්‍රියාවලියට ගරු කරමින් උද්ගත වී ඇති මතභේදාත්මක තත්ත්වය විසඳා ගැනීමේ වැදගත්කම මහා ලේකම්වරයා අවධාරණය කර සිටි’ යනුවෙන් එහි දැක්වෙයි.

Read more

Local News