හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ගාල්ල වරාය කටුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 10ක් පොලීසිය භාරයට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

සැකකරු 52 හැවිරිදි කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද (13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News