ඕනම දේකට සූදානම් බව සජිත් කියයි

Share

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂය ලබා දෙන ලබාදෙන ඕනෑම අභියෝගයකට තමන් මුහුණදීමට සූදානම් බව පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාධ්‍ය අමතමින්ය.

එ් මහතා වැඩ්දුරටත් පැවසුවේ  “අපේ ප්‍රාර්ථනාව සර්ව සාධාරණත්වයක් ඉටුවෙයි කියලා. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේත්ම බය නෑ.

මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබපු දවසේ ඉදලා මම ඕනම දේකට ලෑස්තියි. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි කැලෑ නීතිය අනුගමනය කරන්න සූදානම් නෑ.

මැතිවරණ සඳහා මට ලබාදිය හැකි උපරිම සහයෝගය දුන්නා. හැමෝගෙම ආශීර්වාදය අනුව දෙන වගකීම ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.” බවයි.

Read more

Local News