Home විදෙස් පුවත් ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවගේ සම්මානය ආයිත් ගනී

ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවගේ සම්මානය ආයිත් ගනී

0
ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවගේ සම්මානය ආයිත් ගනී

මියන්මරෙයේ නායිකා අවුන් සාං සුචීට ලබා දී තිබුණු සම්මානයක් නිශ්ප්‍රභ කර ඇත.

මෙසේ නිශ්ප්‍රභ කර ඇත්තේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සූචීට ලබා දී තිබූ එහි උසස් ම සම්මානය වන හෘද සාක්ෂයේ තානාපති (Ambassador of Conscience) සම්මානයයිත

මියන්මාරයේ වෙසෙන සුළු ජන කොටසක් වන රෝහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් අවුන් සාං සුචී හඬක් නොනැගීම නිසා මෙම සම්මානය යළි ගැනීමට කටයුතු කළ බව ඇමිනෙස්ටි ඉන්ටර්නාෂනල් ආයතනය නිවේදනය කර ඇත.

රෝහින්ග්‍යා වැසියන්ට මියන්මාරයේ ආරක්ෂක හමුදාවලින් හිරිහැර වන බවට එල්ල වන චෝදනා හෙළාදකින ලෙස සුචී බලයට පත් වීමෙන් පසුව ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවද ඇය එසේ කිරීම ප්‍රතික්ෂේප කළාය.

73 හැවිරිදි අවුන් සාං සුචී අහිමි කර ගත් සම්මාන මාලාවේ නවතම සම්මානය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here