ජනාධිපති එන්න කිව්වොත් යනවා – ජොන්ස්ටන්

Share

මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ඉඩ දී ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කිසිවිටෙකත් ජයග්‍රහණයක් නොවන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති නියෝගයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලබා දීමෙන් පසුව අද (13) අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඕනෑම නඩුවක සාමාන්‍යයෙන් මෙවැනි අතුරු තහනම් නියෝග නිකුත් කිරීම සිදු වන නමුත්, එය අවසන් තීන්දුව නොවන බව මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ හෝ මෙම නඩුව ජයග්‍රහණය කරන බව පැවැසූ ප්‍රනාන්දු මහතා ප්‍රජාත්නත්‍රවාදය ගැන කථා කරන එක්සත් ජාතික පක්ෂය සෑම විටම මැතිවරණයන්ට බිය වී සිටින්නේ ඇයි දැයි මෙහිදී ප්‍රශ්න කළේය.

තමා ඇතුළු පිරිස මැතිවරණවලට බිය නොමැති බව පැවැසූ හෙතෙම පාර්ලිමේන්තුවට රැස්වෙන ලෙස ජනාධිපතිවරයා පැවසුවහොත් එය අනුගමනය කරන බව ද මෙහිදී වැඩිදුරත් කියා සිටියේය.

Read more

Local News