කතානායකට ජනපති දීපු දුරකථන ඇමතුමක් ගැන වාසු කියයි

Share

පාර්ලිමේන්තුව අද රැස් වූ විට ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට වෙනත් කණ්ඩායමකට නොහැකි බවද එහි අසුන් ගන්නේ තමන් බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

අග‍්‍රාමාත්‍ය අසුනේ සිට මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක්ද කරනු ඇති බවයි ඔවුන් පැවසුවේ.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවට කතානායකවරයා විසින් කළ දැනුම්දීමට ඊයේ (14) ලිඛිතව ප‍්‍රතිචාර දැක්වීමට පෙර ජනාධිපතිවරයා කතානායකවරයා සමග දුරකතන සංවාදයක්ද සිදුකළ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර අනාවරණ කළේය.

ඔහු මෙම අනාවරණය කළේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) රාති‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී “කතානායකතුමාට ටෙලිෆෝන් එකෙන් ජනාධිපතිතුමා කතා කරලා..’මොකක්ද මේ එවපු ලියුම. මමනේ අගමැති පත් කරන්නේ. ඒක කොහොමද ඔබතුමාගේ පාර්ලිමේන්තුවට ගත්තේ’. කියලා අහලා තියෙනවා. එතකොට කතානායකතුමා කියලා තියෙන්නේ..’ආ…ඕව්..එ..හෙම ඒක…ක්..ගත්තා..තමයි. ඒ..කත් ඇත්ත තමයි..’ කියලා. එහෙම කියලා කතානායකතුමා ටෙලිෆෝන් එකෙන් බැගෑපත් වෙලා…ලිස්සලා ගිහිල්ලා තියෙනවා.” යනුවෙන් සඳහන් කළා.”

Read more

Local News