වඩි අායෙත් වඩියි?

Share

ඊයේ (14) එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා අද (15) යළිත් ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසයි.

වඩිවේල් සුරේෂ් එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් විය. මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වහාම ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට එක් වූ නමුත් පසුව ප‍්‍රකාශ කළේ තමන් සුබ පැතීම සඳහා පමණක් මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ බවයි.

කෙසේවෙතත් වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා ආණ්ඩුවට එක් වු අතර නැවත ඔහු එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළේ ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ පසුවයි.

Read more

Local News