මිය ගිය පෙම්වතා හා පෙම්වතිය විවාහා වෙයි

Share

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පසු ගිය ඔක්තෝබර් 29 වන දා මුහුදට කඩන් වැටුණු Lion Air ගුවන් යානයේ සිටි මගියකුගේ පෙම්වතියක් තනිව විවාහා වී එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කර ඇත.

රියෝ නන්ද ප්‍රාටමා (Rio Nanda Pratama)නමැති වෘතිතියෙන් වෛද්‍යවරයකු වන තරුණයා සිය විවාහා උත්සවයට පැමිණෙමින් සිටියදී මෙලෙස ගුවන් අනතුරින් අවාසානාවන්ත ලෙස මිය ගිය අතර තනිව විවාහා වී ඇත්තේ ඔහුගේ පෙම්වතිය වූ ඉන්ටන් ස්‍යාරී (Intan Syari) නමැති තරුණියයි.

මොවුන් විවාහ වීමට නියමිතව තිබුණේ, නොවැම්බර් 11 වන දාය.

තරුණිය පවසා ඇත්තේ සිය පෙම්වතාගේ අවසාන කැමැත්ත ඉටු කිරීම සඳහා තමන් සුදුපැහැති මඟුල් ගවුමකින් සැරසී මංගල මුදුව පැළඳ මෙලෙස ඡායාරූපවලට පෙනී සිටි බවයි.

මංගල උත්සවය සඳහා නියමිත වේලාවට පැමිණීමට නොහැකි වුවහොත් ඡායාරූප ගෙන තමන්ට එවන ලෙසට සිය පෙම්වතා ගුවන් යානයට නැගීමට පෙර විහිළුවට මෙන් කී බව ඇය වැඩිදුරටත් දුරටත් පවසා තිබුණි.

පාසල් වියේ සිට දන්නා හඳුනන මොවුන් ‍මංගල උත්සවය සඳහා ඇඳුම් තෝරාගත් ආකාරය පිළිබඳව පෙම්වතා මිය යාමට සති කිහිපයකට පෙර ඇය ඉන්ටග්‍රෑම්හි පළ කර තිබිණි.

මගීන් 189 දෙනෙකු රැගෙන ජාකර්තා සිට පංකල් පිනෑං දක්වා පියාසර කරමින් තිබියදී මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ සිටි කිසිදු පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ අතර ප්‍රාටමා ජාකර්තා වෙත ගොස් තිබුණේ, වෛද්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහාය.

Read more

Local News