දෙවෙනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය  පන්දු වාර 50 අවසානයේ ක්‍රිඩකයින් 9 දෙනෙකු දැවී ලකුණු 219ක් රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩකයින් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 187ක් පමණි. ඒ පන්දු වාර 48ක් තුළය.

පාකිස්තානයට ලකුණු 32ක ජයක් හිමි වෙයි.  ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටී.

අාරම්භක පිතිකරු වු උපුල් තරංග හතරේ පහර 14ක් සමගින් ලකුණු 112ක් නොදැවී ලබා ගන්නට සමත් විය. ඒ පන්දු 144කදී ය.

Read more

Local News