අද ඡන්ද විමසීමක් සහිත මෝසමක් අපි ගේනවා – නලීන් බණ්ඩාර

Share

පාර්ලිමේන්තුවට අද (19) දින ඡන්ද විමසීමක් සහිත මෝසමක් ඉදිරිපත් කිරීමට බලාපො‍රොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම පාර්ලිමේන්තුව කැඳවීමේ දී කථානායකවරයා ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමේ සරල කාරණයක් සිදු කළ යුතුව ඇති බව ද නලීන් බණ්ඩාර මහතා වැඩ්දුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයකට යාම නොව මෙවැනි වාතාවරණයක් තුළ කළ යුතුව ඇත්තේ එලඹෙන ජනවාරී 8 වන දායි පසුව ජනාධිපතිවරයාට නෛතික වශයෙන් නැවත ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බැවින් එය සිදු කිරීම බව ද මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.

නලීන් බණ්ඩාර මහතා වැඩ්දුරටත් පැවසුවේ නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, ඒ වෙනුවට ඡන්ද විමසීමක් සහිත මෝසමක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට බලාපොරොත්තු වන බවයි.

Read more

Local News