පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද නම් කෙරේ

Share

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරිම අද (21) දිනයේදී සිදු කිරිමට බලාපොරොත්තුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාල නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

වත්මන් ආණ්ඩු පක්ෂයට බහුතරය පවතින බැවින් තමන්ට තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් පත් කිරිමේදී වැඩි අවස්ථාවක් හිමිවන බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

Read more

Local News