මරදන්කඩවල ගිලගත් කුහුඹුවන්

Share

කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසක දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

ගෙවතු, නිවාස, වැසිකිළි, මෙන්ම ජලනල පද්ධති හා නිවාස අභ්‍යන්තර විදුලි පද්ධතිද මෙම කුහුඹුවන්ගේ ආක්‍රමණයට ලක්ව ඇති බව වාර්තාවේ.

ඇඳුම් හා සපත්තු ආදිය ද මෙම කුහුඹුවන් විසින් බරපතළ ලෙස කා දමා විනාශ කර තිබේ.

කලක පටන් මෙම කූඹි පැමිණිම සිදුවූ බවත් මෑතකදී සිට එම තත්ත්වය වඩාත් ඉහළ ගිය බවත් මෙම කූඹි ආක්‍රමණයට ලක්ව සිටින මරදන්කඩවල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

මෙම කුහුඹු ආක්‍රමණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිව යුතු ආයතනයක් මැදිහත්ව කටයුතු කර නැති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News