IMF සාකච්ඡා කල් යයි

Share

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මීළග සාකච්ඡාව කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ණය මුදල යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකම් හිමිවන අතර දැනටමත් එයින් ඩොලර් බිලියනයක් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

2016 දී අනුමත කෙරුණු මෙම විස්තීරණ ණය පහසුකම හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් අපේක්ෂා කරයි.

Read more

Local News