කථානායක යෝජනා ප්‍රශ්න කළ නොහැකි බව කිරිඇල්ල කියයි

Share

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායකවරයා යෝජනාවක් සම්මත වූ බවට සහතික කළාට පසු එම යෝජනාව ගැන ප්‍රශ්ණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ගරු ජනාධිපතිවරයාට නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් කිරිඇල් මහතා මේ බව සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය දැන් විසුරුවාහැර හැර ඇති බවත් කැබිනට් මණ්ඩලය හා අගමැතිවරයා අහෝසි වු පසු අමාත්‍යාංශ ලේකම්වරුද අහෝසි වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ජනපතිතුමා බහුතරය නැති කෙනෙක් අගමැති කරපු නිසා මෙම තත්වය උත්ගත වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News