ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානීට ඇප

Share

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානී, විමල් නන්දික දිසානායක ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 යේ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් ද තහනම් කිරීමට නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

Read more

Local News