ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන දයාසිරි කියයි

Share

බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් 1972 වසරේදී ලංකාව ඉවතට ගිය බවත් ලංකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

දයාසිරි මහතා වැඩ්දුරටත් පැවසුවේ “අපි 1972 අපි බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් ඉවතට ගියා. 1978 වන විට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත්වුණා. නැවත වතාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට යන්න ඕන නෑ. අපි තවත් ඉන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ. කිරිඇල්ල මහත්තයා කියන්නේ 1972ට පෙර තිබුණ ක්‍රමයක්.” වන බවයි.

Read more

Local News