නව ආණ්ඩුව 2020 තෙක් පවතින බව SB කියයි

Share

වත්මන් ආණ්ඩුවට බහුතරය තිබෙන බැවින් නව කථානායකවරයෙකු පත්කර පාර්ලිමේන්තුව 2020 ඔක්තෝබර් වනතෙක් පවත්වාගෙන යන බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයට මේ වන විට ඇත්තේ මන්ත්‍රී ධුර 88ක් පමණක් බවත්, මේ නිසා ඔවුන්ට 113 පෙන්වන බව සඳහන් කළ දිනට එය පෙන්විමට නොහැකි වූ බවද පවසා සිටියේය.

අවශ්‍ය වු අවස්ථාවකදී ආණ්ඩුවේ බහුතරය පෙන්වන බවත් මේ අනුව ඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවද සදහන් කළේය.

ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද ඔහු පවසා සිටියේය.

Read more

Local News